10 August 2025

logo

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඩිජිටල් වෙයි



විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නව ඩිජිටල් පද්ධතීන් ජනගත කිරීම ඊයේ (17) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ. එච්. එම්. එච් අබයරත්නගේ ප්‍රධානාත්වයෙන් සිදු වී තිබෙනවා.

ඒ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදීයි.

රාජ්‍ය දෙපාර්තමේන්තු සහ පෞද්ගලික ආයතන කිහිපයක් සමඟ එක්ව අංශ 05ක් යටතේ මෙම ඒකාබද්ධිත පද්ධතීන් දියත් කර තිබෙනවා.

අමාත්‍යාංශය සඳහන් කළේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යයන් හා සේවාවන් වඩාත් කාර්යක්ෂම හා සුහදශීලීව විශ්‍රාමික පිරිස් වෙත ලබාදීම වෙනුවෙන් මෙම ඩිජිටල් පද්ධතීන් නිර්මාණය කළ බවයි.

(colombotimes.lk)