24 September 2025

logo

තායිවානයේ 14කට දිවි අහිමි වෙයි - 124ක් අතුරුදන්



තායිවානයට බලපෑ 'Super Typhoon Ragasa' සුළි කුණාටුවෙන් නැගෙනහිර හුවාලියන් ප්‍රාන්තයේ සංචාරක කලාපයක පුද්ගලයන් 14දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයන් 124දෙනෙක් අතුරුදහන් වී ඇති බවයි.
 
පසුගිය සඳුදා සිට තායිවානයට බලපෑ මෙම සුළි කුණාටුව මේ වන විට චීනයේ දකුණු වෙරළ තීරයට සහ ආසියානු මූල්‍ය කේන්ද්‍රස්ථානය වන හොංකොං වෙත බලපාමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා. 

මීට පෙර ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කඳුකර ප්‍රදේශවල ඇති වූ නායයෑම් නිසා ගුවාන්ෆු නගරයට දැඩි ජල ගැලීම් තත්ත්වයක් ද හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම ජල කඳ 'සුනාමියක්' මෙන් පැමිණි බව ගුවාන්ෆු නගරයේ තැපැල් සේවකයෙක් සඳහන් කළා. 


(colombotimes.lk)