04 July 2025

logo

මහජන බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි



මහජන බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය පසුගියදා උත්සවාකාරයෙන් සමරා තිබෙනවා.

ඒ මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේදීයි.

එම උත්සවය මහජන බැංකුවේ සභාපති නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ක්ලව් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

මෙහිදී තෝරාගත් ගනුදෙනුකරුවන්ට කාන්තාවන් සඳහා වන මහජන බැංකු ස්වයංක්‍රීය ණයක් සඳහා වනිතා සවිය ව්‍යාපාරික ණයද ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.  

ඊට අමතරව වනිතා වාසනා සන්නාමය යටතේ ඇති නිෂ්පාදන පිරිනැමීම තවදුරටත් පුළුල් කිරීම, වනිතා වාසනා Credit Card 08ක් මෙම අවස්ථාවේදී පිරිනමා තිබෙනවා.





 
(colombotimes.lk)