දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් සඳහා ඉදිකිරීමට නියමිත නිවාස ව්‍යාපෘතියක් සඳහා මහජන බැංකුව විසින් රුපියල් මිලියන 300ක මුදලක් 'Rebuilding Sri Lanka' අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා.
මහජන බැංකුව සිය 'මහජන මෙහෙවර' සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ, 65 වන සංවත්සරය සමරමින් මෙම පරිත්‍යාගය සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම චෙක්පත මහජන බැංකුවේ සභාපති නාරද ප්‍රනාන්දු මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත පිරිනමා තිබෙනවා.
ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
2025 නොවැම්බර් මාසයේ දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයේ විශාල පිරිසක් නිවාස අහිමි වී ඇති අතර, එම පවුල්වලට ස්ථිර නිවාස ලබාදීමේ අරමුණින් නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)
