මහජන බැංකුව විසින් ක්‍රියාත්මක කළ 'People’s Remittance වාසි කෝටියයි 2025' වැඩසටහන යටතේ සතිපතා ජයග්‍රාහකයන් 52 දෙනෙක් තෝරාගෙන ඔවුන් සඳහා බැංකොක් සවාරි 52ක් පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.
එම වැඩසටහනේ අවසන් දිනුම් ඇදීම යටතේ 2025 දෙසැම්බර් 03වනදා සිට දෙසැම්බර් 31වනදා දක්වා කාලය තුළ බැංකොක් සවාරි ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන්ට සංඛේතාත්මකව එම ගුවන් ටිකට්පත් පිරිනැමීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙය අදාළ මහජන බැංකු ශාඛා කළමනාකරුවන්, ප්‍රාදේශීය කළමනාකරුවන්, ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන් සහ එතෙර සිටින මහජන බැංකු නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා.
පිටරට සිට මහජන බැංකුව වෙත People’s Remittance, SWIFT, Telex, Weste Union, Ria ඇතුළු විවිධ මූල්‍ය මාර්ග ඔස්සේ මුදල් ලබන ගනුදෙනුකරුවන් වෙනුවෙන් මෙම “වාසි කෝටියයි” වැඩසටහන 2025 වසර පුරා ක්‍රියාත්මක කර තිබෙනවා. 


(colombotimes.lk)
