මහජන බැංකුවේ 2025 වාර්ෂික වාර්තාව, 'Rising Higher, Reaching Further' ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නිල වශයෙන් පිළිගන්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා විසින් මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබෙනවා.
එම අවස්ථාවට කම්කරු අමාත්‍ය හා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මහා භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම එක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම මහජන බැංකුවේ සභාපති, සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වැඩබලන මූල්‍ය ප්‍රධානී) විසින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වෙත ද මෙම වාර්ෂික වාර්තාව පිළිගන්වා තිබෙනවා.
(colombotimes.lk)
