ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 5000 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ 2025 වසරේ වාර්ෂික ආර්ථික විවරණය ප්‍රකාශයට පත් කරමින්.
2025 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 5,003ක් ලෙස සටහන් වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ 2024 වසරේදී ඩොලර් 4,546ක් වූ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වසරක් තුළ ඇමරිකානු ඩොලර් 457කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
