04 February 2025


විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට



විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙක් ඊයේ (03) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කුඹුරු වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කුඹුර වටා අනවසරයෙන් ඇද තිබූ විදුලි කම්බියක ගැටී මෙම පුද්ගලයා මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 40ක් වන නැගෙනහිර කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම තවත් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

(colombotimes.lk)