17 October 2025

logo

පියුමා තවදුරටත් රිමාන්ඩ්



සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් බව කියන පියුම් හස්තික නොහොත් 'පියුමා' නැමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ එළඹෙන 15වනදා දක්වායි.  

මෙම නඩුව ඊයේ (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ZOOM තාක්ෂණය ඔස්සේ ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම සැකකරු බන්ධනාගාරගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඔහුට එරෙහි විමර්ශන සිදු කරන බව පොලීසිය අධිකරණයට දැනුම්දී තිබෙනවා. 


(colombotimes.lk)