කොලොම්බියාවේ කුඩා ගුවන්යානයක් කඩා වැටී අනතුරක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි සිටි මගීන් 15දෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.
ගලවා ගැනීමේ කණ්ඩායම් යානය කඩා වැටුණු ස්ථානයට ඉතා ඉක්මනින් ගොස් තිබූ නමුත් දිවි ගලවා ගත් අය නොසිටි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
කුකුටා සිට ඔකානා බලා ගුවන් ගත වූ විගස ගුවන් ගමනාගමන පාලනය සමඟ මෙම යානයේ තිබූ සම්බන්ධතා බිඳ වැටී ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
