18 February 2026

logo

රටවල් කිහිපයක YouTube බිඳ වැටෙයි



ඇමරිකාව ඇතුළු ලෝකයේ රටවල් කිහිපයක YouTube සම්බන්ධ සේවාවන්ගේ තාවකාලික බිඳවැටීමක් සිදු වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් එක්සත් ජනපදයේ YouTube පරිශීලකයන් 320,000කට අධික පිරිසකට බලපෑම් එල්ල වී ඇති බවයි.

YouTube සම්බන්ධයෙන් ගැටලු වාර්තා 321,958ක් ලැබී ඇති බව සේවා බිඳවැටීම් නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් වන Downdetector සඳහන් කළා. 

එමෙන්ම YouTube TV සේවාව සම්බන්ධයෙන් ගැටලු 8,923ක් ද, Google සම්බන්ධයෙන් ගැටලු 2,694ක් ද වාර්තා වී තිබෙනවා.

එලෙස බිඳ වැටුණු YouTube සේවය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)