19 February 2026

logo

ජනපති AI රාජ්‍ය නායක සැසිය අමතා කියූ දේ



ජනාධිපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ නවදිල්ලිහී 'AI IMPACT SUMMIT 2026' සමුළුවට සමගාමීව පැවැත්වෙන රාජ්‍ය නායක සැසියට සහභාගී වී තිබෙනවා.
 
එහිදී රාජ්‍ය නායකයන් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ 'කිසිවෙක් අත්නොහැරෙන සේ, ආචාරධර්ම මූලික කරගත් කෘතිම බුද්ධිය පිළිබඳව පොදු වටිනාකම් බෙදාගනිමින් අනෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ හවුල් වී ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බවයි.

එමෙන්ම අපි විශ්වාසයෙන් සහ නොපැකිළව ක්‍රියා කළ යුතු මොහොතක් එළඹී තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් සහ හැකියාවන් ප්‍රවර්ධනයට AI තාක්ෂණය යොදා ගත යුතු බවයි.


(colombotimes.lk)