මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මඟින් ඊයේ (18) අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයන් 26ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ එම මෙහෙයුම් මඟින් බීමත්ව රිය පැදවූ පුද්ගලයන් 309ක් අත්අඩංගුවට ගත් බවයි.
එමෙන්ම සැකපිට පුද්ගලයන් 549දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර විවෘත වරෙන්තුකරුවන් 185ක් ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
