මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගය අද පස්වරු 3.00ට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේදී වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ආබාධයකට ලක් වූ මතීෂ පතිරණ වෙනුවට ඩිල්ෂාන් මධුශංඛ සහ දුෂ්මන්ත චමීර වෙනුවට ප්‍රමෝද් මධුශාන් කණ්ඩායමට කැඳවා තිබෙනවා. 
(COLOMBOTIMES.LK)
