ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රථවාහන 29ක් අස්ථානගතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
එම දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් කියා සිටියේ ජනාධිපති ලේකම්වරයා සිදු කළ පැමිණිල්ලකට අදාළව විමර්ශන සිදු කරන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් අතිරේක ලේකම්වරයක්ගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බවත් අදාළ වාහනවලින් 16ක් අවසන් වරට භාවිත කළ පුද්ගලයන්ගේ විස්තර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව අදාළ විමර්ශන සිදු කර එහි ප්රගතිය මාර්තු මස 12වනදා දැනුම් දෙන ලෙස කොටුව මහේස්ත්රාත් නිලුපුලී ලංකාපුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
(colombotimes.lk)