16 January 2025


වාලච්චේන කඩදාසි කම්හලට නැවත පණ එයි



වාලච්චේන කඩදාසි කම්හලේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කළ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා.

ඔහු කියා සිටියේ කඩදාසි කම්හලේ අක්‍රීය යන්ත්‍ර අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව මෙහෙයුම් නැවත ආරම්භ කළ බවයි.

වාලච්චේන කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර 1956දී ආනයනය කර තිබෙනවා.

එම යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක් පමණ අවශ්‍ය වන බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු ඩොලර් මිලියන 1.2ක් වියදම් කර යන්ත්‍ර අලුත්වැඩියා කළහොත් දිනකට කඩදාසි ටොන් 05ක ප්‍රමාණයක් නිෂ්පාදනය කර මසකට රුපියල් මිලියන 22ක ලාභයක් ලබා ගැනීමට හැකියාවද පවතිනවා.    

(colombotimes.lk)