colombotimes.lk
සිංහල | English

28 April 2024

පොහොට්ටුව රනිල්ට සහය දිය යුතුයි - ප්‍රසන්න රණතුංග



රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධූරයට පත් කිරීමට කටයුතු කළේ පොහොට්ටුව බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

එබැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැතැයි පෞද්ගලිකව තමන් විශ්වාස කරන බව ඔහු ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට විකල්ප අපේක්ෂකයෙක් නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම වඩාත් සුදුසු බව ඔහු අවධාරණය කරනවා.

පොහොට්ටුවට වෙනත් විකල්ප අපේක්ෂයකු සිටින බව තමන්ට පෙනෙන්නට නැති බවයි ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
(colombotimes.lk)