05 May 2026

logo

පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට



පෑලියගොඩ මූලස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රු.200,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන්. 

අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවකට අදාළව අප්‍රේල් මස 19වනදා පෑලියගොඩ පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙක් හට නීති මඟින් කටයුතු නොකර නිදහස් කිරීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 2ක මුදල ලබාගෙන තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වැටලීමක් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී එක් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් කොස්තාපල්වරයා අදාළ ස්ථානයෙන් පළාගොස් තිබෙනවා. 

(colombotimes.lk)