කොත්මලේ, ගැරඬිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය තීරණය කර තිබෙනවා.
එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති මංජුල සෙනරත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල සහ යාන්ත්‍රික ඉංජිනේරු කේ. කේ. කාහිංගල යන නිලධාරීන් පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කර නිරීක්ෂණ හා නිර්දේශ සහිත වාර්තාවක් ලබන 30වනදාට ප්‍රථම තමන් වෙත ලබාදෙන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය එම කමිටුව වෙත දැනුම්දී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කොත්මලේ, ගැරඩිඇල්ල ප්‍රදේශයේදී පෙරේදා සිදුවූ බස් රථ අනතුරින් පුද්ගලයන් 22දෙනෙක් මියගිය ගොස් තවත් පුද්ගලයන් 54දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
(colombotimes.lk)