යුද හමුදා බස් රථ යොදා ගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩගැසී තිබූ තැපැල් භාණ්ඩ විවිධ ප්‍රදේශ වෙත යොමු කළ බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා.
තැපැල්පතිවරයා සඳහන් කළේ තැපැල් පර්යන්ත වෙත එලෙස භාණ්ඩ හා ලිපි යොමු කළ බවයි.
අතිකාල දීමනා ගැටලුව, ඇඟිලි සලකුණු යන්ත්‍රවල පැමිණීම සහ පිටවීම සටහන් කිරීමේ ගැටලුව ඇතුළු කරුණු 19ක් මුල් කර ගනිමින් පසුගිය සඳුදා සිට වැඩවර්ජනය ක්‍රියාත්මක කළා.
එක්සත් ජාතික තැපැල් සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් හා විදුලි පණිවුඩ පොදු සේවක සංගමය, එක්සත් තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් තැපැල් සේවා සංගමය, ශ්‍රී ලංකා තැපැල් සේවක පෙරමුණ ඇතුළු වෘත්තිය සමිති 23ක් එයට සහයෝගය දක්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔවුන් ඊයේ (22) කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද ආරම්භ කළා.
මේ අතර දිවයින පුරා තැපැල් කාර්යාල 653න් ඊයේ දිනයේ 169ක් විවෘත කළ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම උප තැපැල් කාර්යාලය 3211ක් ඊයේ (22) විවෘත කර තිබෙනවා.
මේ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හන්සක විජේමුනි සඳහන් කළේ තැපැල් සේවකයගේ ඉල්ලීම්වලින් දෙකක් හැර සෙසු ඉල්ලීම් සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට හැකියාව පවතින බවයි.
තැපැල් වෘත්තීය සමිති කිහිපයක වර්ජනය හේතුවෙන් මේ වන විට රුපියල් මිලියන 100ත් 120ත් අතර පාඩුවක් සිදුවී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)