මේ වන විට පවතින තත්ත්වය හමුවේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
විදුලිබල මණ්ඩලය සඳහන් කළේ අද (10) සහ හෙට (11) පැය එකහමාර බැගින් විදුලිය කප්පාදු කිරීමට සිදු වන බවයි.
ඒ අනුව පස්වරු 3.30 සහ රාත්‍රී 09.30 අතර කාලය තුළ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙම කප්පාදුව සිදු කිරීමට නියමිතව තිබෙනවා.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි පද්ධතියට එක්කරන තෙක් මෙම විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)