උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයේ ප්‍රායෝගික පරීක්ෂණ හෙට (12) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගට අදාළවයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ලසික සමරකෝන් මහතා සඳහන් කළේ, මේ මස 21 වෙනිදා දක්වා මෙම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවයි.
මෙම විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැකියි.
(colombotimes.lk)