13 December 2025

logo

ජනපති හදිසියේම මහනුවරට



ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (24) හදිසියේම මහනුවරට ගොස් තිබෙනවා.

ඒ සිරි දළදා වන්දනාවට සහභාගීවීමට පෝලිම්වල රැඳීසිටින ජනතාව හමුවීම සඳහායි.

සිරි දළදා වන්දනාවට එක්වීම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මේ වන විටත් දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

එම ජනතාවගේ අවශ්‍යතා විමසා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මෙලෙස ස්ථාන කිහිපයක සංචාරය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර පෝලීම්වල රැඳී සිටින ජනතාව වෙනුවෙන් ඊයේ රාත්‍රියෙත් දන්සල් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

(colombotimes.lk)