19 March 2025


කිසිදු බලපෑමකට යටත් නොවී රාජකාරි කරන්නැයි පොලිස් නිලධාරීන්ට ජනපතිගෙන් උපදෙස්



ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දකුණු පළාත් පොලිස් ප්‍රධානීන් අතර අද (18) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

එහිදී දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සඳහා දේශපාලන අධිකාරියක් ලෙස තම රජය පහසුකම් සැලසීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

 
(colombotimes.lk)