13 January 2026

logo

පාස්කු ප්‍රහාරයේ සිද්ධිය සොයන්න ජනපති විශේෂ කමිටුවක් පත් කරයි



පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ බවට පැවසෙන බුද්ධි අංශ තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය, ජාතික බුද්ධි අංශ ප්‍රධානියා සහ අනෙකුත් බලධාරීන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ අනුව මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ අල්විස් පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එම කමිටු වාර්තාව මෙම වසරේ සැප්තැම්බර් 15 වන විට අවසන් කළ යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
(colombotimes.lk)