2025 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 635.7ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ මෙය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 22%ක වැඩිවීමක් බවයි.
2025 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ සමුච්චිත අගය ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක් වන බවයි වාර්තා වන්නේ.
එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 18.9%ක වැඩිවීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.