කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ තේරී පත් වී තිබෙනවා.
ඒ මෙම සංසදයේ සමාරම්භක රැස්වීමේදීයි.
මෙහිදී සභාපතිවරයා ලෙස ඔහුගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම විසින් යෝජනා කළා.
අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්තන් ද සිල්වා විසින් එම නම ස්ථිර කර තිබෙනවා.
එමෙන්ම සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම, තුෂාරි ජයසිංහ, සුසන්ත දොඩාවත්ත, සුගත් වසන්ත ද සිල්වා සහ නිලන්ති කොට්ටහච්චි තේරී පත් වී තිබෙනවා.