ශ්‍රි සෝභිත නාහිමිගම නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභී අයිතියට පැවරීම ඊයේ (12) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පවත්වා තිබෙනවා.
ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව, ඇල්පත්ගමදීයි.
මෙහිදී නිවාස ව්‍යාපෘතියට අදාළ නිවාස 115ක් ජනතාවට ප්‍රදානය කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ව්‍යාපෘතිය අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණානුස්මරණ පදනම, වත්මන් රජයේ මැදවන්නේ වීමෙන් සහ ඉන්දියානු රජයේ ආධාර ඇතිව සිදු කර තිබෙනවා.
(colombotimes.lk)