තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුවත් කිරීමේ සතියක් හෙට (14) සිට ජූලි 18වනදා දක්වා පැවැත්වීම තීරණය කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්.
“අහෝ දුකකි, පිරමිඩ උගුලකි” යන තේමාව යටතේ මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තහනම් පිරමිඩ යෝජනා ක්‍රම පිළිබඳව සහ එමඟින් තනි පුද්ගලයන්ට මෙන්ම සමස්ථ ආර්ථිකයට සිදුවන සැළකිය යුතු අවදානම් පිළිබඳව පුළුල් වශයෙන් දැනුවත් කිරීම මෙම ජාතික වැඩසටහනේ ඉලක්කය බවයි.