13 July 2025

logo

ගුරු - විදුහල්පති ගැටලුවට කඩිනම් විසඳුම්



නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන්  ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත්, කලාප හා කොට්ඨාස මට්ටමින් අධ්‍යාපන හා පරිපාලන  බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ආරම්භ කළ දැනුවත් කිරීමේ සාකච්ඡා මාලාවේ පළමු වැඩසටහන අමතමින්.

නව අධ්‍යාපන  ප්‍රතිසංස්කරණය තුළින් සිදුකරන විෂය මාලා සංශෝධනය, ඇගයීම් සහ තක්සේරුකරණ ක්‍රියාවලිය, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ගුරු විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන පුරප්පාඩු අවම කිරීම, පලාත් සභා සහ මධ්‍යම රජය අතර නිසි සම්බන්ධිකරණය සිදු කිරීම, පළාත් සභා මට්ටමින් පවතින ගැටලු අවබෝධ කරගනිමින් ඊට කඩිනම් විසදුම් ලබාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

 
(colombotimes.lk)