13 July 2025

logo

බවුසර් රථ හිමියන් කනස්සල්ලෙන්



ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් කුරුණෑගල පිහිටි තොග ගබඩා පර්යන්තය වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමට බවුසර් රථ යොදා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමට තීරණය කිරීම ගැටලු සහගත බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති ඒ. එම්. එච්. අධිකාරී සඳහන් කළේ මේ හේතුවෙන් තම සංගමයට දැඩි ලෙස අසාධාරණයක් සිදුවන බවයි. 

මෙලෙස ටෙන්ඩර් කැඳවීම හරහා තම සංගමයෙන් පිටස්තර පුද්ගලයෙක් වෙත ටෙන්ඩරය ලැබුණහොත් ඒ හරහා යම් ඒකාධිකාරයක් ගොඩනැගිය හැකි බවද ඔහු සඳහන් කළා. 

ඒ අනුව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම ගැටලුව සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් කඩිනමින් විසඳුමක් ලබාදිය යුතු බවයි. 

(colombotimes.lk)