13 July 2025

logo

යුරෝපා සංගමයටත් දැවැන්ත තීරු බද්දක්



ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා සංගමයෙන් සහ මෙක්සිකෝවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා 30%ක නව තීරු බද්දක් පනවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නව තීරු බදු හේතුවෙන් යුරෝපා සංගමයේ සහ මෙක්සිකෝවේ ආර්ථිකයට මෙන්ම ගෝලීය සැපයුම් දාමයන්ට ද දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි.

යුරෝපා සංගමයට සහ මෙක්සිකෝවට පැනවූ මෙම තීරු බදු අගෝස්තු 01වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)