15 June 2025


ජනපති ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය හමුවෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යවරිය වන රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) අතර හමුවක් ඊයේ (13) සිදු වී තිබෙනවා.

ඒ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදීයි.
 
එහිදී ගෝලීය නව ආර්ථික ප්‍රවණතා හමුවේ දෙරට මුහුණ දෙන පොදු අභියෝග පිළිබඳවත් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගත හැකි ක්ෂේත්‍ර පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා. 

ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ දෙරට අතර ද්විපාර්ශවික සහයෝගිතාව පිළිබඳ වූ දීර්ඝ ඉතිහාසය සහිපත් කළ ජනාධිපතිවරයා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (Ceylon German Technical Training Institute (CGTTI) ) වැනි වෘත්තීය පුහුණු ආයතන වෙනුවෙන් සහ සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල ප්‍රගතිය සම්බන්ධයෙන් ජර්මනිය දැක් වූ දායකත්වය පිළිබඳ සිය කෘතඥතාව පළ කළ බවයි. 

එමෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වරුණි මුතුකුමාරණ, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමෙරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න යන පිරිසද මෙම අවස්ථාවට සහභාගී වී තිබෙනවා. 

(colombotimes.lk)