19 April 2025


සනත් ජයසූරියගෙන් කළ විශේෂ ඉල්ලීමක් ජනධිපති හෙළි කරයි



තම රජයේ පළමු වසර 5ක කාලය තුළ යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ අද (17) යාපනය ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පසුගියදා තමන්ගෙන් කළ යුත්තේ කුමක්දැයි විමසූ අවස්ථාවේ මේ බව සඳහන් කළ බවයි.
 
ඒ අනුව යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට වත්මන් රජය උත්සාහ කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)