පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව එම සිදුවීම සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරියෙක් හෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබෙනවා.
ඒ පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපද සංචාරය අතරතුර එරට සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ පැවති හමුවකදීයි.
මෙම අවස්ථාවේදී විමර්ශන ප්‍රමාද වීම පිළිබඳ ශ්‍රී ලාංකිකයෙක් විසින් චෝදනාත්මකව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ වත්මන් පරිපාලනයට උරුම වුණේ දෝෂ සහිත හා අසම්පූර්ණ විමර්ශනයක් බවයි.
බාධක මැද වුවද වර්තමානයේ පරීක්ෂණ ක්‍රියාවලිය නැවත ආරම්භ කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)