ආර්ථික අපහසුතා පවතින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජනාධිපති අරමුදලෙන් පිරිනමන ශිෂ්‍යත්ව දීමනාව පෙබරවාරි මස සිට රුපියල් 1,000කින් වැඩි කර තිබෙනවා.
දරු දැරියන්ගේ විශේෂ ඉල්ලීම් මත 2024 පෙබරවාරියේ සිට අදාළ දීමනා මුදල වැඩි කර පිරිනැමීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.
ජනාධිපති අරමුදලේ 2021/2022 වසරට අදාළව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනේ ශිෂ්‍යත්වලාභීන්ට ජනාධිපති අරමුදල වෙතින් මේ වන විට මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ගෙවනු ලබන අතර, මෙතෙක් මාසික වාරික 10ක් ගෙවා තිබෙනවා.
ඒ අනුව 2024 පෙබරවාරියේ සිට අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් අදාළ ශිෂ්‍යත්වලාභීන් වෙත රුපියල් 6,000ක මාසික දීමනාවක් සෑම මසකම පළමු සතිය තුළ ජනාධිපති අරමුදල වෙතින් පිරිනැමෙනු ඇති.
(colombotimes.lk)