ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා සමඟ ඊයේ (16) සාකච්ඡාවක් පැවැත්වූ බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද ප්‍රකාශ කළා.
ඔහු පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේ ජේ ෂාගේ පියා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දකුණු අත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් තහනම නිසා ග්‍රවුන්ඩ් බෝයිස්ලාටවත් වැටුප් ගෙවීමට නොහැකි බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවා.
ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමි වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
(colombotimes.lk)