ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් 22වනදා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්වීමට නියමිතව තිබෙනවා.
ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහායි.
මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන් සහ රජයේ නිලධාරීන් කිහිපදෙනෙක් සමඟ ද්විපාර්වික සාකච්ඡාවල නිරත වීමටද නියමිතයි.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ද හමුවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා.
එක්සත් ජනපදයේ සිය කටයුතු අවසන් කිරීමෙන් පසු ජපාන රජයේ ආරාධනයෙන් ජනාධිපතිවරයා සැප්තැම්බර් 26වනදා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරතවීමට නියමිතයි.
(colombotimes.lk)