18 April 2025


ජනාධිපතිවරයා විසින් දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වයි



2025-2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එළිදක්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි කාලය 2025 දෙසැම්බර් මස අවසන් වන හෙයින් එම සැලැස්ම සමාලෝචනය කර නව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ 'දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2025-2029' සකස් කිරීම සඳහා රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප්‍රජාපාදක සංවිධාන, මහජන නියෝජිතයන්, තරුණයන්, දරුවන්, ආගමික සංවිධාන ඇතුළු සමස්ත මහජනතාවගෙන් සැදුම්ලත් පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් අදහස් සහ යෝජනා කැඳවීම සඳහා වූ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)