ගල්අඟුරු ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපතිවරයා විසින් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
එමෙන්ම විශ්වාසභංගයෙන් පසුව මෙම විශේෂ විමර්ශන කොමිෂන් සභාව පත්කරන බවත් ඒ සඳහා දැනට සේවයේ නියුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
