13 July 2025

logo

අධ්‍යාපනය වෙනුවෙන් ජනපති ප්‍රධාන විශේෂ කමිටුවක්



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් යුතු දස දෙනෙකුගෙන් සමන්විත ‘අධ්‍යාපන අමාත්‍ය කමිටුව’ පත් කර තිබෙනවා.

ඒ මෙරට මානව සම්පත පෙළගැස්වීමත්, අධ්‍යාපන ක්‍රමයෙන් දැනුම කුසලතා හා හැකියාවන්ගෙන් සමන්විත ශ්‍රම බලකායක් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාව කලාපය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් බව සඳහන්.

ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ, රාජ්‍ය සහ පෞද්ගලික පාසල් පද්ධතියේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට යාන්ත්‍රණයක් අවශ්‍ය බවයි.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අමාත්‍ය කමිටුවට සහාය වීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ පළමු සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
(colombotimes.lk)