තවත් ඖෂධ 100කට මිල පාලනයක් වහාම ගෙන ඒමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
දැනට අත්‍යවශ්‍ය ඖෂධ 100ක් මිල පාලනයට යටත් කර ඇති බවත් අලුතින් තවත් ඖෂධ 100ක මිල පාලනයක් හඳුන්වා දුන් විට ඖෂධ වර්ග 200ක මිල පාලනයක් සිදු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
එක් ඖෂධයක් වෙළෙඳ නාම 10කින්, 15කින් පමණ තිබෙන බවත් සාධාරණ මිලක් නියාමනය කිරීමෙන් රෝගීන්ට අපහසුවකින් තොරව ඖෂධ මිල දී ගැනීමට හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ඖෂධ, ආර්ථිකය සම්බන්ධ විශේෂඥවරුන් 11කින් සමන්විත කමිටුවකින් මෙම මිල පාලනය තීරණය කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.
අත්‍යවශ්‍ය බටහිර ඖෂධ 862ක් රට තුළ සංසරණය වන බවත් ඉන් 675ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ආනයනය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාතවරයා මේ බව කියා සිටියා.
(colombotimes.lk)