රටට අවශ්‍ය දියුණු සමාජීය පුරවැසියා බිහි කිරීමේ අධ්‍යාපන ක්‍රමවේදය කිසිසේත්ම නතර නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරි කටයුතු පිළිබඳ හලාවත අධ්‍යාපන කලාපයේ බලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
රජය මේ රට භාර ගන්නා විට පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු ප්‍රධානතම ක්ෂේත්‍රයක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය ඉලක්කගතව තිබූ බව එහිදී ඇය වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම එවැනි සමාජීය පරිවර්තන සිදු කිරීමේදී සුළුතර පිරිසකගෙන් ප්‍රතිවිරෝධතාවන් මතුවිය හැකි බවත් කෙසේවෙතත් ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කරන බවත් හරිනි අමසූරිය ප්‍රකාශ කළා.
ඇය වැඩිදුරටත් කියා සිටියේ වැරදි හඳුනාගෙන ඒවා නිරාකරණය කරමින් යන නව අධ්‍යාපන ක්‍රමවේදයේදී, දරුවාට තාක්ෂණය හඳුන්වාදීම, ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති සුරැකෙන සේ යම්කිසි රාමුවක් තුළ සිදු කළ යුතු බවයි.
(colombotimes.lk)
