17 January 2026

logo

විදේශීය දුම්වැටි සහ බීඩි තොගයක් සමඟ පුද්ගලයෙක් කොටු වෙයි



නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ බීඩි තොගයක් සමඟ සැකකරුවෙක් අද (17) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින්.
 
එහිදී පොලිස් භාරයට ගත් දුම්වැටි සහ බීඩි තොගයේ වටිනාකම රුපියල් විසි ලක්ෂ තිස් අට දහසකට අධික බව ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසනවා. 

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයා මතුගම, වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන මෝටර් රථ කාර්මිකයෙක් බවයි. 

(colombotimes.lk)