සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කළ 'People’s Remittance කලින් අවුරුදු වාසි' වැඩසටහනෙන් 2026 ජනවාරි 01වනදා සිට මාර්තු 31වනදා දක්වා People’s Remittance සේවාව හරහා පිටරටින් මහජන බැංකු ගිණුම් වෙත මුදල් ප්‍රේෂණ ලැබූ ගනුදෙනුකරුවන් ජයග්‍රාහකයන් බවට පත් වී තිබෙනවා.
මෙම දිනුම් ඇදීමෙන් තෝරාගත් ජයග්‍රාහකයන් 50දෙනෙක්ට රුපියල් 25,000ක් වටිනා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් තෑගි මලු 50ක් පිරිනමා තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම තෑගි පිරිනැමීම මහජන බැංකු ශාඛා කළමනාකරුවන්, ප්‍රාදේශීය කළමනාකරුවන්, සහකාර ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු වී තිබෙනවා. 


