ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුද බලතල සීමා කිරීමේ අරමුණින් ඩිමොක්‍රටික් පක්ෂයේ සෙනෙට් සභිකයන් ගෙන ආ යෝජනාව යළි පරාජයට පත් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපයට පක්ෂව ඡන්ද 52ක් ලැබුණු බවයි.
ඊට එරෙහිව ඡන්ද 47ක් ලැබී තිබෙනවා.
වත්මන් සෙනෙට් සභාවේ වැඩි බලයක් හිමිවන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයටයි.
(colombotimes.lk)
