04 July 2025

logo

මහා බෝධි විහාරයේ පාලනය ඉල්ලා ඉන්දියාව පුරා විරෝධතා



ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයන් අතට පත් කරන ලෙසට බලකරමින් බිහාර් ප්‍රාන්තය පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම විරෝධතා මේ වන විට රාජස්ථාන්, ගුජරාට්, මධ්‍ය ප්‍රදේශ්, කර්ණාටක, තෙලඟානා සහ තමිල්නාඩු යන ප්‍රාන්ත දක්වා ද ව්‍යාප්ත වී ඇති බවයි.

පසුගිය පෙබරවාරි මස 12වනදා සිට විවිධ පිරිස් මහා බෝධි විහාරය වෙත පැමිණ මාරාන්තික උපවාසයන්හී පවා නිරත වී තිබෙනවා.

ඔවුන් අවධාරණය කළේ එම විහාරයේ පරිපාලනය සම්බන්ධව 1949 වසරේදී සකස් කළ නීති වෙනස් කළ යුතු බවයි.

(colombotimes.lk)