4 වන දිනයටත් පැරිස් අගනුවර ඇතුළු ප්‍රංශයේ නගර රැසක විරෝධතා ක්‍රියාත්මත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විරෝධතා මැඩපැවැත්වීමට පොලිස් නිලධාරීන් 45,000කට අධික පිරිසක් යොදවා තිබෙන අතර විරෝධතාකරුවන් 341 දෙනෙකු ඊයේ රාත්‍රීයේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව ද එම වාර්තාවල සඳහන්.
විරෝධතා ඇරඹි දින සිට මේ දක්වා අත්අඩංගුවට පත්ව ඇති විරෝධතාකරුවන් සංඛ්‍යාව 1,100කට අධිකයි.
රටපුරා බස් සහ ට්‍රෑම් රථ සේවා ඇතුළු පොදු ප්‍රවාහන සේවා ද විරෝධතා හමුවේ නවතා දමා තිබෙනවා.
විරෝධතාකරුවන් එරට තුවක්කු ගබඩාවක්ද කොල්ලකා තිබෙන බව ද වාර්තා වනවා.
ප්‍රංශයේ මෙම විරෝධතා පාලනයට එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හදිසි සාකච්ඡාවක් ද ඊයේ කැඳවූවා.
අණ නොතකා රිය ධාවනය කළ තරුණයෙකු, පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ප්‍රංශයේ මෙම විරෝධතා ආරම්භ වුණා.
(colombotimes.lk)