09 May 2025


දූෂණ විරෝධී පනත් කෙටුම්පතට සජබයේ අමනාපය



දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එකඟ විය නොහැකි බව, සමගි ජන බලවේගය පවසනවා.

ඒ, සොරකම් කරන ලද මුදල් යළි අය කර ගැනීමට හෝ ඊට සම්බන්ධ වූ පුද්ගලයින්ට දඬුවම් දීමට ප්‍රමාණවත් නීති ඇතුළත් කර නොතිබීම හේතුවෙන්.

එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ, එවැනි හේතු මත දූෂණ විරෝධී පනත් කෙටුම්පතට සහය දීමට සිය පක්ෂයට හැකියාවක් නොමැති බවයි.

එමෙන්ම ලබන 21 වැනිදා දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමෙන්තුවේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමට නිමිතයි.
(colombotimes.lk)