13 June 2026

logo

ඉරානයේ නව උත්තරීතර නායකයාට පුටින්ගෙන් සුභ පැතුම්



රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත් වූ මුජ්තබා කමෙයිනි වෙත සුබපැතුම් පණිවිඩයක් යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව එමඟින් ඉරානය මුහුණ දී සිටින සන්නද්ධ ගැටුම් හමුවේ රුසියාව සැමවිටම ඉරානයේ විශ්වාසවන්ත සහකරුවෙක් ලෙස සිටින බව ඔහු යළිත් අවධාරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තම පියා ආරම්භ කළ කාර්යයන් ගෞරවනීය ලෙස ඔහු ඉදිරියට ගෙන යනු ඇතැයි තමා විශ්වාස කරන බවද රුසියානු ජනපතිවරයා එහි සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)